가사
පිබිදෙන මල් හිනැස්වුවේ හිනැහෙන හිරු නොවෙද පුතේ
මලේ සුවද බෙදන් ගියේ
මුදු මදනල නොවෙද පුතේ
මලට බඹරු ඉගිල ගියේ
මලේ සුවද නිසා පුතේ
ලොව ලස්සන වෙන්න දුවේ
නුබත් මලක් වෙයන් දුවේ
ලස්සන පොඩි මලක් වෙලා
ලොව ලස්සන කරන් පුතේ
මදනල සේ සිසිල බෙදන්
ලොවට වැඩක් කරන් පුතේ //