เนื้อเพลง
ලේකිරි කර අකුරු කියාදුන්
ප්‍රේමයේ පුරාවතයි අම්මා
සෙනෙහස දෝතින් බෙදා දී
ආදරේ අකුරු තුනයි අම්මා
ආදරේ අකුරු තුනයි අම්මා
මව් පදවිය ලත් දා සිට
දරුවන් ගැනමයි හිතමින් ඉන්නේ
මතුබුදු වන්නට වරම් ලැබූවත්
දරුදුක අතහැර නෑ යන්නේ
ආදරේ අකුරු තුනයි අම්මා
මහා මේඝ වැහි අහසේ කැලතී
බිය වී දිව්වේ අම්මා ළඟටයි
ඒ උණුහුම හැමදාකම එක වගේ
නොවෙනස් ආදරේ අම්මා මයි
ආදරේ අකුරු තුනයි අම්මා