歌詞
රක්ත පැහැයෙන් රූප මැවිලා
කලු ගැහුනු ඒ කාමරේ....
මුල්ලකට වී ගීත ගයනා
පුංචි කෙල්ලෙක් කලුවරේ....
කන්න කන්නැයි හඩ නගනවා
මිසී නෝනා කලබලේ.....
රැව් දුන්නෙ ඒ මහා හඩකින්
"උබට ඕනේ කන්නදෝ නැත
මැරිල යන්නයි කාමරේ..."
ඇයිද මෙලෙසින් හඩනගන්නේ
පුංචි කෙල්ලෙක් හිතුමතේ....
අලුත ආ දොස්තර ලෙසින් මා
ප්රශ්නයක පැටලී ඔහේ....
දුවන් යනවා අල්ලන්න බැරි
වේගෙකින් ඈ එහෙ මෙහේ...
විදුලි වේගෙන් ඇගේ හැපුනේ
රක්ත ඇස් දිස්නේ දිලේ...
ඇග වටා අත් පටලමින් ඈ
තුරුලු වූයේ හදියමේ...
හුරුපුරුදු ඒ හුස්ම දැනුනේ
අකුනු කොටමින් හදවතේ...
නැවත හමුවෙමු වස්සානයේ අප
කියා නිමි වුන ආදරේ
පුංචි කෙල්ලේ උමතු වූවේ
මම නිසාදෝ මගෙ ප්රේමියේ......